Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

12th September 2023 20:33:06 Hours

අන්තර් ඒකක සත්සාමාජික පාපන්දු තරඟාවලිය 2023

ගැමුණු හේවා බළකායේ පාපන්දු සංචිතය වෙත දක්ෂතා වලින් පිරිපුන් ක්‍රිඩකයින් තෝරාගැනීමේ අරමුණින් අන්තර් ඒකක සත්සාමාජික පාපන්දු තරඟාවලිය 2023 අගෝස්තු මස 26, 27 හා 28 දිනයන් තුල රත්නපුර සීවලී ක්‍රිඩාංගනයේදි පවත්වන ලදී. ලීග් ක්‍රමයක්‍රමය යටතේ පැවැත්වුණු මෙම තරඟාවලියේ අවසන් මහා තරගය සඳහා 12 වන ගැමුණු හේවා බළඇණිය හා 23 වන ගැමුණු හේවා බළඇණියට අයත් පාපන්දු කණ්ඩායම් සුදුසුකම් ලබන ලදී. එහිදී අවසන් මහා තරඟයේ ගෝල 3 ක් ලබා ගනිමින් 23 වන ගැමුණු හේවා බලඇණිය සමස්ථ තරඟාවලියේ ශූරතාවය ලබා ගැනීමට සමත්විය.

එහිදී අවසන් මහා තරඟය හා ජයසංකේත ප්‍රධානෝත්සවය ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්ඩබ්ලිව්බී වෙලගෙදර ආර් එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජෙ ්‍යෂ්ඨ නිළධාරි, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්බීජේකේ විමලරත්න ආර් ඩබ්ලිව්පි ආර් එස්පී ජෙ ්‍යෂ්ඨ නිළධාරිද ගැමුණු හේවා බළකායේ පාපන්දු කමිටු සභාපති බ්‍රිගේඩියර් කේජේඑන්එම්පීකේ නවරත්න ආර් ඩබ්ලිව්පි ආර් එස්පී එන්ඩිසි ජෙ ්‍යෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා සියළු ඒකකයන්හි අණදෙන නිළධාරීවරුන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිළධාරීන්/සෙසුනිලයින් සහභාගී විය. 2023 අන්තර් ඒකක සත්සාමාජික පාපන්දු තරඟාවලිය 8 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරීගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලදී.