Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

07th September 2023 11:39:10 Hours

මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර් ඩබ්ලිව්පි (නි/61560) ජෙ ්‍යෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් පිදෙන හමුදා උත්තමාචාරය

වසර 34 අධික සේවා කාලයක් සම්පුර් ණ කර විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර් ඩබ්ලිව්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත යුද්ධ හමුදා සම්ප්‍ර්‍රදානුකූලව ගෞරවාචාර පුද කිරීම 2023 අගෝස්තු මස 22 වැනි දින රෙජිමේන්තු මධ්‍යස් ථානයේදී පැවැත්විණි.

විශ්‍රා ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්බිජේකේ විමලරත්න ආර් ඩබ්ලිව්පි ආර් එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම්ව පිළිගත් අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත කඳවුරු මුරයක් පිරිනැමු අතර, රණවිරු ස්මාරකය අභියස මල් කලඹක් තබා මියගිය රණවිරුවන් අනුස්මරණය කෙරුණි. ඉතා විචිත්‍රවත් සම්මාන පෙළපාළියක් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනැමූ අතර, මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීමට සමූහ ඡායාරූපයක්ද ලබා ගන්නා ලදී.

මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර් ඩබ්ලිව්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී1989 ජුලි මස 14 වැනි දින ශ්‍රී ලංකා යුද්ධ්ධහමුදාවට බැඳී 1991 ජනවාරි මස 19 වැනි දින අධිකාරියට පත්ව රටේ ඒකිය භාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා ගැමුණු රෙජිමේන්තුව වෙත ඇතුලත්ව ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී තම සේවා කාලය තුල අණ හා මාණ්ඩලික තනතුරු රාශියක් හොබවා ඇත.

නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාවට මෙන්ම තම දේශය වෙනුවෙන් දක්වන ලද උදාරතර කැප කිරිම් අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශ්‍රා්‍රාමවියට මෙන්ම ඉදිරි අනාගතය සඳහා සුබපැතුම් එක් කරන ලදි.