Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

07th September 2023 10:46:43 Hours

අභිමානවත් ගැමුණු හේවා බලකායේ 43 වන වර් ණ පුජෝත්සවය

1 වන ගැමුණු හේවා බලඇණිය, 2 හා 3 (සෙව්) ගැමුණු හේවා බලඇණිය වෙත ජනාධිපති වර් ණ සහ ඒකක වර් ණ හිමි ගන්වා වසර 43 ක් සපිරිම මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුව වෙත ජනාධිපති හා රෙජිමේන්තු වර් ණ හිමි ගන්වා පුරා වසර 11 ක් සපිරිම නිමිතිකොට ගෙන වර් ණ ධජයන්ට සෙත් පැතීමේ පුජෝත්සවය 2023 අගෝස්තු මස 15 සහ 16 වන දිනයන්හීදි කතරගම පුජා භූමියේදි පැවැත්විණි. මෙම පුජා උත්සවය පලවන, දෙවන හා තුන්වන ඒකක අණදෙන නිලධාරින් විසින් සංවිධානය කරන ලදි.

ජනාධිපති වර් ණ හා ඒකක වර් ණ ධජ දර් ශනීය පෙරහැරකින් අගෝස්තු මස 15 වන දින සන්ධ්‍යා වේදී කතරගම පුජා නගරයෙන් ආරම්භකර කිරි වෙහෙර දක්වා ගොස් ඉන් පසු පුජ්‍ය කැබැල්ලකැටියේ හිමිපානාන් විසින් පැමින සිටි සියලු අයවළුන් පංචශිලයේ තබා වර් ණ ධජ වෙත සෙත් ප්‍රාර් ථනය කරන ලදි. ඉන්පසු එම පෙරහැර දේවාල පරිශ්‍ර්‍රයේ දීද වර් ණ ධජ වෙත සෙත් පැතිම සිදු කරණ ලදි. පසුව එදින රාත්‍රී්‍යේ කතරගම පුජාභූමි පරිශ්‍රයේදී අතිපුජ්‍ය කොබවක ධම්මින්ද හිමි පානන්ගේ නායකත්වයෙන් සර් ව රාත්‍රික පිරිත් දේශණයක් සංවිධානය කර වර් ණ ධජයන්ට සෙත් පැතිම සිදුකරන ලදි.

පසුදින එනම් අගෝස්තු 16 වන දින පෙරවරුවේ වැඩමකල සංඝයා වහන්සේ වෙනුවෙන් හිල් දානය පිලිගන්වා මෙවර පිංකම් මාලාව අවසන් කරන ලදි. මෙම අවස්ථාවට 51 සේනාංකයේ සේනංකාධිපති හා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් බී වෙලගෙදර ආර් එස්පි විඑස්වී යුඑස්පී එන්ඩිසී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව් බි ජේ කේ විමලරත්න ආර් ඩබ්ලිව්පි ආර් එස්පි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසු නිලයින් ද මෙම බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි මනෝරි වෙලගෙදර මැතිණිය ඇතුළු එම සාමාජිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිනි.