Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

14th August 2023 08:37:29 Hours

ගැමුණු හේවා සේවා වනිතා ශාඛාවේ ප්‍රධානත්වයෙන් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් සමග මියගිය රණවිරුවන්ටපුෂ්පෝපහාර පුද කරයි

ගැමුණු හේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි මනෝරි වෙලගෙදර මැතිණියගේ සංකල්පයකට අනුව සේවා වනිතා සාමාජිකාවන් සමග එක්ව ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ හා ඒ අවට පදිංචි ක්‍රියාන්විතයේදී මියගිය හා අතුරුදහන් රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් එම රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ දූ දරුවන් ඇතුළු ඥාතීන් 2023 ජුලි මස 29 වන දින මයිලපිටිය රණවිරු අනුස්මරණ ස්මාරකය වෙත ගෙන්වා පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහනක් සිදු කරන ලදී. මෙහිදී රණවිරු ස්මාරකය අසලට රැස්වූ සියලු දෙනා මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්ධතාවයක් සුරැකි අතර අනතුරුව ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති සහ සේවා වනිතා ගරු සභාපතිනිය ඇතුළු රණවිරු බිරින්දෑවරුන් සහ දුවා දරුවන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.

මෙම උත්සවය වර් ණවත් කරමින් ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර RSP VSV USP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරි හා සේවා වනිතා ගරු සභාපතිනි මනෝරි වෙලගෙදර මැතිණිය මෙම අවස්ථාවට එක්විය. තවද, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඩබ්ලිව්බීජේකේ විමලරත්න RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ද ගැමුණු හේවා බලකායට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසක්ද උත්සවයට සහභාගි විය.

මෙම රණවිරු සැමරුම් උළෙල සදහා සහභාගී වූ බිරින්දෑවරුන්ට මෙන්ම ඔවුන්ගේ දුවා දරුවන් වෙත පල්ලේකැලේ ශ්‍රවණාගාරයේදී රණවිරුවන්ගේ මතක ආවර්ජන ඇතුලත් වීඩියෝ පටයක් ප්‍රදර්ශණය කල අතර එහිදී සිහිවටන ඡායාරූපයක් ලබාදීම ගරු සේවා වනිතා සභාපතිණිය අතින් සිදු කරන ලදි. පැමිණ සිටි බිරින්දෑවරුන්ට මෙන්ම ඔවුන්ගේ දුවා දරුවන් වෙත දිවා ආහාරය වැඩසටහන අවසානයේදී ලබා දීමට කටයුතු සිදුකල අතර, ඔවුන් මෙම වැඩසටහන මහත් සේ අගයන ලදී.