Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

08th August 2023 14:51:48 Hours

යුද්ධ හමුදාධිපති ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය සංචාරය කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ RWP RSP ndu 2023 ජූලි මස 23 වෙනි ඉරිදා උදෑසන රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාල පරිශ්‍රයේ දී විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත සහ බැතිමතුන් සඳහා ඉදිකරන ලද විශේෂ බෑවුම් ප්‍රවේශය විවෘත කිරීමෙන් අනතුරුව ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ චාරිකාවක නිරත විය.

මෙහිදී රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් යුද්ධ හමුදාධිපතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණ ප්‍රධානය කිරීමෙන් මෙම අවස්ථාව වරනවත් වූ අතර යුද්ධ හමුදාධිපති නික්ම යාමට ප්‍රථම සමරු සටහන් පොතේ ප්‍රශංසාත්මක සටහන් සහ අදහස් කිහිපයක් සටහන් කරන ලදී.