Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

07th July 2023 07:28:03 Hours

සාමසාධක රාජකාරි නිමාවෙන් පසු 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමට අයත් භටපිරිස් දිවයිනට පැමිණීම

මාලි රාජ්‍යයේ පැවති එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි නිමාවෙන් පසු 2023 ජූලි මස 03 වන දින 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමට අයත් භටපිරිස් අතරින් නිලධාරින් 6 දෙනෙකු සහ සෙසුනිලයින් 155 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙතින් දිවයිනට පැමිණෙන ලදි.

මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න RWP - සේනාංකාධිපති 14 සේනාංකය, බ්‍රිගේඩියර් ඩබ්ලිව් බී ජේ කේ විමලරත්න RWP RSP - මධ්‍යස්ථාන සේනාවිධායක ගැමුණු හේවා බලකාය, විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය, ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙම රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමට අයත් භටපිරිස් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැමිණෙන පරයන්තයේදි ඉතා උණුසුම්ව පිළිගන්නා ලදි.

මෙම සුවිශේෂී අවස්ථාව මතක සටහනක් ලෙස පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සමූහ ඡායාරූපයක් ලබා ගත් අතර 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමට අයත් සෙසු භටපිරිස් 2023 අගෝස්තු මස 31 වන දින මාලි රාජ්‍යයේ සිට දිවයිනට පැමිණීමට නියමිතව ඇත.