Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

07th July 2023 06:51:38 Hours

සමුගැනීමේ රාත්‍රිය

විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන බ්‍රිගේඩියර් ආර් බී බෙන්ජමින් RSP USP, බ්‍රිගේඩියර් ඒ එම් එස් ප්‍රේමවංශ RWP RSP USP හා විශ්‍රාම යාමට නියමිත බ්‍රිගේඩියර් ඒ එම් මුතාලිබ් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තිදෙනාට රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සමුගැනීමේ සාදයක් 2023 ජුනි මස 16 වන දින පැවැත්විනි. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඊ ඒ ඩී පී එදිරිසිංහ psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි තිදෙනා වෙනුවෙන් ඔවුන්ගේ සේවය ඇගයීම වස් සමුගැනිමේ කථාව සිදුකල අතර ඒ තුල ඔවුන් යුද්ධ හමුදා ජීවිතය තුල වැදගත් සංධිස්ථාන විදහා දක්වන ලදි. එසේම එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ බිරින්දෑවරුන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙත දක්වන ලද සේවය අගය කරන ලදී. තවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් සමරු තිළිණ රෙජිමේන්තු අධිපති තුමා විසින් පිරිනමන ලදී.

උත්සව කටයුතු අවසානයේදි ගැමුණු හේවා බළකායට අයත් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් ඔවුන්ගේ හෘදයාංගම ස්තුතිය විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් පිරිනැමු අතර, ඔවුන්ගේ විශ්‍රාම දිවිය සාරථක වේවායැයි ප්‍රාරථනා කර සිටින්නෙමු.