Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

26th August 2019 16:35:18 Hours

මිත්‍ර ශක්ති යුද්ධ අභ්‍යාසය - VII හි සැලසුම් සම්මන්ත්‍රණය

මිත්‍ර ශක්ති යුද්ධ අභ්‍යාසය - VII හි සැලසුම් සම්මන්ත්‍රණය 2019 ජූලි මස 31 වන දින සිට 2019 අගෝස්තු මස 02 වන දින දක්වා ඉන්දියාවේ පූනෙහි ඉන්දියානු යුද්ධ හමුදාවේ දකුණු අණදෙන මූලස්ථානයේදී පැවැත්විණි. මෙම සමුළුව සදහා ජ්‍යෙෂ්ඨ නිළධාරින් 05 දෙනෙකු සහභාගි වු අතර, නියෝජිත ප්‍රධානි වශයෙන් බ්‍රිගේඩියර් ඒඒඩිඑන්එස්පි දුණුවිල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (මධ්‍යස්ථාන සේනාවිධායක රෙම ගැහේබ) සහභාගී වූ අතර සෙසු නිලධාරීන් වශයෙන් ලුතිනන් කර්නල් ආර්කේඒආර්පී රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගැහේබ, මේජර් එස්ඩබ්ලිව්එම් දීපාල් ගැහේබ, මේජර් බීඩිජේ රංගජීව පිඑස්සි කාඉරෙ සහ කපිතන් කේඒඑන්එස්කේ ආරච්චිලාගේ ගරෙ යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහභාගි වන ලදි.

නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී බ්‍රිගේඩියර් ඒඒඩිඑන්එස්පි දුණුවිල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් පරිපාලන ගිවිසුමට අත්සන් තැබිම සිදුකරන ලදි.