Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

07th July 2023 06:13:24 Hours

බ්‍රිගේඩියර් ඒඑම්එස් ප්‍රේමවංශ RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්‍රාමයාම නිමිත්තෙන් පිදෙන හමුදා උත්තමාචාරය

වසර 33 අධික සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම යාම දිවියට පා තබන බ්‍රිගේඩියර් ඒඑම්එස් ප්‍රේමවංශ RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව ගෞරවාචාර පුද කිරීම 2023 ජුනි මස 02 වැනි දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම්ව පිළිගත් අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත කඳවුරු මුරයක් පිරිනැමු අතර රණවිරු ස්මාරකය අභියස මල් කලඹක් තබා මියගිය රණවිරුවන් අනුස්මරණය කෙරුණි. ඉතා විචිත්‍රවත් සම්මාන පෙළපාළියක් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනැමූ අතර මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීමට සමූහ ඡායාරූපයක්ද ලබා ගන්නා ලදී. නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සියලු නිලයින් විසින් වීදි පෙල සාදා විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත ගෞරව දැක්වූහ.

බ්‍රිගේඩියර් ඒඑම්එස් ප්‍රේමවංශ RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 1990 දෙසැම්බර් මස 07 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1991 දෙසැම්බර් මස 07 වැනි දින අධිකාරියට පත්ව රටේ ඒකිය භාවය සා ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා ගැමුණු රෙජිමේන්තුව වෙත ඇතුලත්ව ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී ඔහුගේ සේවා කාලය තුල අණදීම්, උපදේශක හා මාණ්ඩලික තනතුරු රාශියක් හොබවා ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගැමුණු හේවා බලකාය වෙනුවෙන් සිදුකල සේවය සහ කැපවීම වෙනුවෙන් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සිය හෘදයාංගම කෘතඥතාව පිරිනමන ලදී. තවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට නිරෝගී සහ සමෘද්ධිමත් විශ්‍රාම දිවියක් ප්‍රාරථනා කළහ.