Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

09th November 2018 09:18:08 Hours

ගැමුණු හේවා විරුවන් අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබිමේ තරගාවලිය ජයගනී

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සුළු අවි සංගමය මගින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබිමේ තරගාවලිය 2018 ඔක්තෝබර් මස 26 වන දින සිට 2018 නොවැම්බර් මස 01 වන දින දක්වා දියතලාව වෙඩි පිටියේදි පවත්වන ලදි. ගැමුණු හේවා විරුවන් හට තරගාවලිය පුරා ආධිපත්‍ය පැතිර විමට හැකි විය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ රෙජිමේන්තු 20 කට අයත් වෙඩික්කරුවන් සහභාගිව මෙම තරගාවලිය විවෘත හා ආධුනික වශයෙන් කාණ්ඩ දෙකකට පවත් වන ලදි. මෙම තරගාවලියේදි විවෘත අංශයේ ශුරතාවය දිනා ගැනිමට ගැමුණු හේවා විරුවන් සමත් විය. එහිදි මෙම රෙජිමේන්තුවට අයත් නිලධාරින් හා සෙසුනිළයින් පහත දක්ෂතා දක්වන ලදි.

ජ්‍යෙෂ්ඨ නිලධාරි තරගාවලිය

  •  ප්‍රථම ස්ථානය නි/ 62476 ලූතිතන් කර්නල් කේඑම්වි කොඩිතුවක්කු

විවෘත තරගාවලිය

  • මේජර් නිළය - තුන්වන ස්ථානය නි/65472 මේජර් ආර්එම්ටිඑන් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි

  • කපිතන් නිළය - තුන්වන ස්ථානය නි/68109 කපිතන් ජේඑච්එස් සම්පත්

  • ලූතිතන් නිළය - දෙවන ස්ථානය නි/10330 ලූතිතන් පිඑන්ටි කුමාර

  • කෝප්‍රල් නිලය - දෙවන ස්ථානය සෙ/413651කෝප්‍රල් ප්‍රදීප් කුමාර ආර්ඩිටි

  • ලා/කෝප්‍රල් නිළය - දෙවන ස්ථානය සෙ/420134 ලාකෝ සංජය කුමාර ඩිජිඒ

  • සාසෙ නිළය - ප්‍රථම ස්ථානය සෙ/14එෆ්01376 සාසෙ උපුල් පිඑන්

ආධුනික තරගාවලිය

  • මේජර් නිළය - දෙවන ස්ථානය නි/6440 මේජර් එම්ඒඑන් මහමුදලිගේ පිඑස්සි

  • ලූතිතන් නිළය - තුන්වන ස්ථානය නි/69983 ලූතිතන් ජිජිබිඒ ගිනිගල්ගොඩ

රෙජිමේන්තු අධිපති, සේනාවිධායක තුමන්ගේ අධික්ෂණය, මගපෙන්විම වෙඩිකණ්ඩයේ උපදේශක හා වෙඩික්කරුවන්ගේ අප්‍රතිහත කැපවිම හා ධෛර්‍ය තුලින් යුද්ධ හමුදා රෙජිමේන්තු 20 ක වෙඩික්කරුවන් අභිබවනය කරමින් විවෘත අංශයේ ශුරතාවය දිනා ගැනිමට හැකි විය. මෙහිදි දක්ෂතා දැක්වු අයවලූන්හට කුසලාන හා සහතික පත්‍ර ප්‍රධානය සඳහා ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඒ කාරියකරවන යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය.