Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

08th July 2023 22:52:00 Hours

ගැමුණු හේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛා ගරු සභාපතිතුමියගේ මිහිදු සෙත් මැදුර - අත්තිඩිය සංචාරය සිදුකිරීම

මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය මනෝරි වෙලගෙදර මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මිහිදු සෙත්මැදුර - අත්තිඩිය සංචාරය සාරථකව නිමකල අතර, එහිදී යුද්ධයේදී රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වටිනා තිළිණ වවුචරපත් 27 ක්, හදිසියේදී විදුලිය බිඳ වැටීමකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා විදුලි පහන් (Emergency Light) 01 ක් සහ ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සුවසහන මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක හට 2023.07.05 දින පරිත්‍යාග කල අතර, එම අවස්ථාවේදී පුනරුත්ථාපනලාභීන් හට රසවත් කෙටි ආහාර වේලක් ලබාදීම මෙන්ම හයිලෑන්ඩර් සංගිත කණ්ඩායම සමඟ ජනප්‍රිය කලාකාරිණියක් වන ෆැලන් ඇන්ඩ්‍රියා ගීතවත් වූ අතර යුද්ධ හමුදා නරථන කණ්ඩායම විසින් විවිධ නරථනාංගයන් ඉදිරිපත් කරමින් උත්සවය විචිත්‍රවත් කරන ලදී.