Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

09th April 2021 08:43:09 Hours

2021 ආරක්ෂක ගෝල්ෆ් තරගාවලියේ හේවායන්ගේ දස්කම්

2021 පෙබරවාරි මස 25 වන දින ත්‍රිකුණාමලය ගුවන් හමුදා ගොල්ෆ් පිටියේ පැවැති 2021 ආර‍ක්ෂක සේවා ගෝල්ෆ් තරගාවලියේදී කේවල විවෘත තරගයේ තුන්වන ස්ථානය ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කල 1 වන ගැමුණු හේවා බලඇණියේ සෙ/420825 කෝප්‍රල් පුෂ්ප කුමාර පිඩබ්ලිව්ඒඩි විසින් හිමිකර ගන්නා ලදි. සමස්ථ කණ්ඩායම් තරගාවලියේදී අනුශූරයන් වු ශ්‍රි ලංකා යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කල ගැමුණු හේවා බලකායේ සෙ/420825 කෝප්‍රල් පුෂ්ප කුමාර පිඩබ්ලිව්ඒඩි හා සෙ/426473 ලා/කෝ සනත් චන්ද්‍ර එචිඑස් (4 ගැහේබ) සමස්ථ යුද්ධ හමුදාවටත් ගැමුණු හේවා බලකායටත් කීර්තියක් අත්පත් කර දුන්හ. ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුනට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු අධිපති තුමා ඇතුලු සියලු නිළයන්ගේ උණුසුම් සුභ පැතුම්.